Skip to content

Lyrics

සිංහල
ගෙවෙන තුරා රැය නැගෙන තුරා ඉර කවුළු පියන්පත් විවර කළා මම බලා හිඳිමි ඔබ ආයෙත් ඒවි කියා ඔබව ලැබූ හැටි මා සැනුසුණු හැටි අපි වෙන්වුණු හැටි මා තනිවුණු සැටි මා මෙන් දකිමින් හිඳිමි දෙනෙත පුරා නිමා කළා ඔබ අපේ කතා පෙළ සදා මගේ පෙම එපා කියා... එපා කියා.... ලැබුණු නිසා ඔබ සිටිය නිසා ළඟ ඇසුණු සිනා හඬ හිතට හොරා මට‍ ආයෙත් ඇවිදින් රිදවයි දවස පුරා සුසුම වුණා ඔබ කඳුළ වුණා ඔබ දිවිය පවා අහිමි මගේ කළා මට ඔබ සතුටින් යැයි සිතමි සසර පුරා නිමා කළා ඔබ අපේ කතා පෙළ සදා මගේ පෙම එපා කියා... එපා කියා.... ලොවට හොරා නෙක දෑස් වසා මුදු ඇඟිලි තුඩින් අපි දෑත් වෙලා මතකද එක් දිනයක මේ මත ඇවිද ගියා පාළු වුණා සිත නිහඬ වුණා ලොව දෑස පුරා නෙක කඳුළු ගලා ගිය දිනයක මතකයි ඔබබ වෙන් වීලා ගියා මේකද ප්‍රේමේ නිශ්ඵල ලෝකේ මා හැර ගිය කේල්ලේ මට කියා යන්න ආයේ මට කියා යන්න ආයේ....... (නිමා කළා ඔබ අපේ කතා පෙළ සදා මගේ පෙම එපා කියා... එපා කියා.... )

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.