Skip to content

Lyrics

සිංහල
සිත සතපා ගන්න සිතුණා නෙතු සඟලේ ඉඩ නැහැ දැනුණා යන්නෙපා ඈත ඉඟි කරලා එන්නකෝ ආදරේ කියලා මම නැහැ කාටත් ඉඟි කරලා ඈත යන්න ළඟ නෑ රැඳිලා යනුමැනේ දෑස මග හැරලා දෙන්න නෑ ආදරේ පිරිලා... ඔබ පෑ සිනහා සිත එකලු කළා මල් වසන්තයට මා ඇද දමලා ඒ වසන්තයේ මල් නෑ පිපිලා ගිම්හානය දැන් උදා වෙලා පුන් සඳක් වෙලා එමි පමා වෙලා තරු නැති අහසේ ඉන්නම රැඳිලා තරු නෑ කියලා ගිරි අඳුරු වෙලා කිසි දිනයක නෑ අහසට බැනලා... කියාගන්න බැරි දුක ලියලා ඉන්නම් සිත් අහසේ රැඳිලා ඔය තුරුලේ උණුහුම හොයලා මතු සංසාරෙත් හිඳිමි බලා ඔය නමටම ආදරේ ලියලා සිත් අහසේ ඉඩ නැහැ තියලා තනුවා හිමි පෙම් ගී ගයලා හැම මතු භවයේම මගේම වෙලා... ඔබ පෑ සිනහා...

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.