Skip to content

Lyrics

සිංහල
පලංචියේ වැඩ ඉඳගෙන මහ සෑයේ හුණු තවරන පියාණනේ හුණු බදාම ඔසවා දෙන නුඹේ අත් දෙක රිදෙනවාද පුතණුවනේ... (සිල් ගත් රජ මහ වෙහෙරට මල් පුදනා මහ සෙනඟට පියාණනේ නුඹ නොපෙනෙනවා... ) ඇල්මෙන් අකුරට යනවිට මල්ලිලාට නංගිලාට පුතුනේ නුඹ මුල් පොත වෙනවා පලංචියේ වැඩ ඉඳගෙන.... (රන් ඉණිමග තියා උසට නුඹ වඩවා මහ පොළොවට අප සිරසට රන් කොත වෙනවා... ) සල් මල් පෙති පර වී ගිය මල් ආසනයේ පා මුල නුඹේ දාදිය සුවඳ තියෙනවා... පලංචියේ වැඩ ඉඳගෙන....

More by Gunadasa Kapuge

View all songs by Gunadasa Kapuge →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.