Skip to content

Lyrics

සිංහල
සඳවතී රූ පානා මේ සමයේදී ඔබ හා මා ගංඉවුරේ තනිවූයේ දෙතොලඟ පෙම් කෙළිනා මේ යාමේ උදාවෙන්නේ යලි කවදා සිතුවිල්ලේ ඇගේ තොල් රස තොලගෙන් උදුරයිදෝ මා රහසේ සුළගේ ඔබ කොයිබද හැමුවේ ගගනේ මිණිකිංකිනිනදකින් දෙදරයිදෝ මා සවනේ මේ පෙම්බස් සුන්දර ශාපෙකිදෝ මන්දාරම් එළි වැටෙනා තුරු තුරුලට වෙලි උන්නු නුහුරට පෙම දුන්නූ සුන්දරියේ නාදුනනා සිත කෙලෙසද පිළිසිඳ මේ පෙම රිදෙන්නේ කුළුඳුල් හැඟුමේ පෙම් පින්සැල් පහරකි මා හද හරහට පෙම් ජවුසන් නාඩගමක් රඟාවි හද පෙම්බරා විකටයා වී දුෂ්ටයා වුන පෙමක සිරවුනි මා හැම චරිතෙක ඇගේ තොල් රස.... මන්දාරම් එළි වැටෙනා.... බ්‍රමචාර වනචර අතර හය හතර නොදැන මා කොතැනද අතරමං වූ අහිංසක සුරගන යහනෙදී එඩිතර බිඳ පරතර මා රළු හදට ලංවූ මුරණ්ඩුකමට දඩබ්බර මා සිතට මුල් වරට ගෝචර පෙම් සුව කුළුඳුල් දඩයක්කරු මමද තුවක්කුව අතැති මුවැත්තිය නුඹද සිරික්කිය සැරසී ජවනිකාව කොහෙන්ද කෙලවර අහවර තිරය වහන කල මම නුඹට ගොදුරද සත්තකින්ම මල් පෙත්තකින්ද හදවත මගේ කැපුනේ කීතු කීතු නුඹේ අනසකට දැනුනු වෙනසකට මනස පහසකට ලොල් වී රහසකට දැවෙන ගින්නට පිදුරු දැමූ මන්දාරම් එළිය වැටෙන තුරු බිඳ බිඳ මා සකල සෙනෙහේ අනවසරෙන් කරගෙන නුඹගේ සෛලෙන් සෛලේ හැම රුධිරානුවේ ලියවෙච්ච විෂකුරු වූ ආදරේ මන්දාරම් එළි වැටෙනා....

More by Funky Dirt

View all songs by Funky Dirt →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.