Skip to content

Lyrics

සිංහල
චේතනා මෝදුවන ලොචනා ස්වප්න මත මානාරි රූ මෝරනා යා වෙනා ප්‍රේමයට කාරණා රාග මන රහසේම පාවි ගියා සේයාවෝ ඈ රූ රටා සිත් අහසේ අශා මවා දෙව්ළියේ මන බන්දනා පෙම් කවයි රස කැන්දනා ඉසියෝග මාන නන්දනා සඳ දියේ ඉඟි වස්සනා දෙව්ලොවින් ඇය ඉල්ලලා කෛලාශ ගිරි වන්දනා... නෙත් සලා. ආදරය වස්සනා චන්ද වත සේයාවි මේ රෑ පුරා ගිම් නිවා මීන නෙතු ගස්සනා සේද වත සිහිවීලා ආශා මවා සේයාවෝ ඈ රූ රටා සිත් අහසේ අශා මවා දෙව්ළියේ මන බන්දනා පෙම් කවයි රස කැන්දනා ඉසියෝග මාන නන්දනා සඳ දියේ ඉඟි වස්සනා දෙව්ලොවින් ඇය ඉල්ලලා කෛලාශ ගිරි වන්දනා... රාශි හැගුම් වෑහෙනා නාරි නුවන් නාඩනා සරාගී ඈ සිනා සද යායේ යාවී පේනා සේයාවෝ ඈ රූ රටා සිත් අහසේ අශා මවා දෙව්ළියේ මන බන්දනා පෙම් කවයි රස කැන්දනා ඉසියෝග මාන නන්දනා සඳ දියේ ඉන්ගි වස්සනා දෙව්ලොවින් ඇය ඉල්ලලා කෛලාශ ගිරි වන්දනා...

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.