Skip to content

Lyrics

සිංහල
හීන අග රැඳි හිත් කොණක ඇය ආදරේ අඳිමින් මුදු වලා සිප මතුපිටින් බිඟු රොන් පුරෝ ගනිමින් රෑ පුරාවට නිදි වැරූ නෙත් ආදරේ බෙදමින් ඉඟිමැරූ පද ගලපමින් මගේ පපුතුරේ රැඳෙමින්....... සීත රැඳි නුඹේ කොපුල් මත මගේ හිත නතර කරමින් කඳුළු අමුණන දෙනෙත් තරු කැට යළි මගේ මුවගින් ඈත නැති සඳ නිවී දිලෙන්නට රැය පහන් කරමින් සිහි කෙරූ ඔබ යළි ඇවිත් මගේ ජීවිතේ නවතින් ජීවිතේ නවතින්........ සීතලක් නැති උණුහුමක් මත අතරමං කරමි සසැලී යහනක සතපවන්නට හද නතර කරමි සිහින සියයක් අතරින් මාගේ ආදරේ සොයමි දොරට වැඩුමට අවසරයි හෙට තෙලි තුඩින් ලියැවී තෙලි තුඩින් ලියැවී...... හීන අග රැඳි......

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.