Skip to content

Lyrics

සිංහල
ලෝකෙම ක්‍රිකට් ගහන කොල්ලන්ගේ සෙල්ලම් දෙස බලා ඉන්නවා කප් එක ගන්නේ කව්ද කියා තව සමහරු ඔට්ටු තියනවා Bat එක අතට අරන් දෙන්න බැටේ අපේ කොල්ලෝ පිටියට යනවා කමෝන් ශ්‍රී ලංකා කියා අතන මෙතන කොතැන ගියත් චියර් කරනවා... ලංකා කොල්ලෝ රජමුතු බෙල්ලෝ බිරුවට බල්ලෝ බය නැති කොල්ලෝ අර්ජුන සනත් මහනාම හලෝ පිට්ටනියේ රජ වැඩ දෙන්නේ අපේ අරවින්ද සමග මාලන් සහ මුරලිදරන් දිනුම ගෙනෙන්නේ පිටරට සුදු කෙල්ලන් can you play cricket? කියලා අපෙන් අහන්නේ බොරුවට yes කියපු ගමන් කරේ නැගලා කිස් එක දෙන්නේ... ලංකා කොල්ලෝ... කලුවගේ හයේ පාර දැකපු ගමන් ගෑනු ළමයි චියර් කරනවා පිටරට ක්‍රිකටර්ස්ලත් සැලුට් දමලා අපේ අයට දැන් සලකනවා මේ රජ කොල්ලෝ අපේ ලංකාවට ලෝකෙම කුසලාන ගේනවා සෙල්ලම් පිටියේ අපිව රජවෙනකොට ලංකා මෑණිය හිනැහෙනවා... ලංකා කොල්ලෝ... oh our cricket team මෙන් පිටරට දාලා බයිලා singing and cheering support කරමු අපේ කොල්ලන්ටා ජය පැරදුමක් නැතත් එකමුතුකම තමයි අපේ අරමුණ ලංකා මේ ගැන සිතන අපට කවදත් ජය ජයම තමයි මගේ ශ්‍රී ලංකා... ලංකා කොල්ලෝ...

More by Desmond De Silva

View all songs by Desmond De Silva →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.