Skip to content

Lyrics

සිංහල
මවගේ දෙතනේ කිරි බී සුවඳින් පිරුනු මුවඟින් කිසි දිනෙක රහමෙර හෙම නොබොනු සුවදැති මල සේ නුඹ මේ දෙරණට පිපුනු මගෙ රන් පුතේ ඔය වස විස හෙම නොබොනු මලක් ලෙසින් රැකගෙන හැදු මගෙ පුතුනී දහක් පැතුම් මා හද තුල තැබූ පුතුනී මතින් වෙලී නොමඟට වැටිලා පුතුනී මගේ නෙතට කඳුලක් නොම දෙන් පුතුනී මවගේ දෙතනේ කිරි බී...... මළත් කිමැයි මා දැය දිනුවොත්ම පුතූ සැපත් එයයි මට අද මෙන් දිනෙක මතූ රහක් මෙරක් බිව්වොත් හෙම මගෙ පුතූ අනේ කෙලෙස වාවගම්දෝ ම සිතූ මවගේ දෙතනේ කිරි බී සුවඳින් පිරුනු මුවඟින් කිසි දිනෙක රහමෙර හෙම නොබොනු සුවදැති මල සේ නුඹ මේ දෙරණට පිපුනු (මගෙ රන් පුතේ ඔය වස විස හෙම නොබොනු... )

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.