Skip to content

Lyrics

සිංහල
චිත්‍රපටය : තාල (2019) කාටවත් බෑ පරදන්න නම් වීරියක් හිත ළඟ ඇත්නම් අත්පා පොඩියි හිත නම් ලොකුයි තව ඉන්න බෑ ඉවසලා මල් නටුවෙ කටු වලට පැණි හොයන සමනල්ලු බය වෙන්නෙ නෑ අවුරැල්ල තිබුණාට වැහි බිංදු නැති දාට දේදුන්න නෑ ආකාසෙ රෑ දිලෙන තරු ගලවලා ගම්මානෙ හැම තැනම තරු එල්ලලා අඳුරේ හඬා හිනා මැලවෙලා කඳුළැල් නිවා ළඟට එළියක් අරන් එන්නම් සුදු පාට ඇන්දාට තනි කකුලෙ කොක් නයිදෙ සිල් රැක්කෙ නෑ පඩිපෙළක උඩ පඩිය යට පඩියෙ ඇති ගැම්ම දන්නේම නෑ රෑ පානෙ බිම බාන පිනි අහුලලා මහ පොළවෙ ඉරිතලපු තැන් දෝවලා ගහ කොළට ගෙඩි එන්න ගීයක් ගයා මද සුළඟෙ මුහු වෙමුද සුවඳක් වෙලා සරුසාර මේ බිමට පිං මදිලු හිනැහෙන්න හිනැහෙන්න එක්වෙමුද අපි සැවොම අත් වැල් බැඳන් උරුලෑවො යන පාරෙ ගඳ හින්ද ඒ පාරෙ අපි යන්නෙ නෑ අපි හිතන අපි පතන අපෙ පාර අපි අපිම එළි කරනවා

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.