Skip to content

Lyrics

සිංහල
කිමද රාවණා නුඹ නේන කාරණා කන්කලු රාවණා වෙණ නද නෑසෙනා හදවත පාරණා පැතිරෙන කාරණා කඳුලු බර වැඩී දෑසට රාවණා කාරණා මං කියන්නම් පෑරෙනා හිත හදන්නම් වේදනා පිස නිවන්නම් රාවණා මා මන්දෝදරී සක්වලින් පිට පවා රැව් දුන් අපේ ආදර අන්දරේ ප්‍රේමයේ දෙවඟන නුඹයි ගිරි මාලිගේ මදාරා මල් අතර සැගවූ ප්‍රේම ආලක මණ්ඩපේ මියෙන තුරු සොඳුරුතම රතිගන නුඹ තමා මන්දෝදරී කාරණා මං කියන්නම්.... අඳුරු කළුදිය පොකුණ සැඟවුන කටුක අමිහිරි බෝ රහස් ඇත අතීතය සිත ගොළු කරයි මා ආදරී ගැඹුරු සිතුවිලි අතර සැඟවී නුදුරු ලෝකයෙ සැඟව යමු අපි අතීතය හීනයක් නොව මන්දෝදරී කාරණා මං කියන්නම්....

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.