Skip to content

Patu Adahas Nam Pawurin Lokaya

Amaradeva Sindu 1980s - 1990s Patriotic

Lyrics

සිංහල
පටු අදහස් නම් පවුරින් ලෝකය කැබලි වලට නොබෙදි ඤාණය නිවහල් වී බියෙන් තොරව හිස කෙලින් තබාගෙන සිටිනට හැකි කොහේ දෝ ඒවු නිදහසේ ස්වරග රාජයට මාගේ දේශය අවදි කරනු මැන පියානනේ... සත්‍ය පතුලින් ගලන පිරිසිදු වචන කොහිද ඇත්තේ ගතානුගතිකව පැවතෙන සිරිතේ මාරු කතරට වැදිලා නිර්මල ජල දහරාව තර්කයේ සිඳී ගිලී නොගියේ ඒවු නිදහසේ ස්වරග රාජයට මාගේ දේශය අවදි කරනු මැන පියානනේ... පසු නොබසින වීර්ය පිරිපුන් බව දෙසට දෑත විදහා සදා දියුණු වන සිතිවිලි උදෙසා කම් කටයුතු උදෙසා ඉදිරිය වෙත ඔබ මා සිත යොමවා ඇත්තේ කොතැනකදෝ ඒවු නිදහසේ ස්වරග රාජයට මාගේ දේශය අවදි කරනු මැන පියානනේ... පටු අදහස් නම්...

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.