Skip to content

Lyrics

සිංහල
නිවන් පුරට මඟ පෙන්වන පහන් වැටක්‌ සේ මැනික්‌ තොටින් අහස උසට බුදුරැස්‌ විහිදේ මුනි සිරිපා පහස ලැබූ හිමි වැඩි ගමනේ දොහොත් මුදුන් තබා වඳිමි කැළනි විහාරේ නා මෙනවිය පෙර කල හිඳ ළවැලි තලාවේ තත් පිරිමැද ඇඟිළි තුඩින් මිණි වීණාවේ අදත් ඇසේ එදා වැයූ බුදුගුණ ගීතේ දොහොත් මුදුන් තබා වඳිමි කැළණි විහාරේ සිහිල් සුළන් වැදී සැළී බෝපත් නැළවේ පහන් හැඟුම් හදේ නැගේ මෙත් කරුණාවේ වරක්‌ ඇවිත් අප වැන්දොත් කැළණි විහාරේ උපන් දා පටන් කළ හැම පව් දුරු වන්නේ

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.