Skip to content

Lyrics

සිංහල
කුමරියක පා සළඹ සැලුනා වසා සිටි නෙතු පියන් ඇරුණා කුමර බඹසර අසපුවේ මා සම වැදී උන් දැහැන් බිඳුනා කුමරියක පා සළඹ සැලුනා... උකුල ළැමහස මලවි කරලිය මුවා කල ඇගේ දුහුල් සළු තිර විවර කෙරුවා මනස් සලෙළුන් උමතු වු දෙනුවන් දැහැන් ඇද මා අබියස මැවුණු තුසිතය සුරන් නැළවූ සුයාමය කුමරියක පා සළඹ සැලුනා... නිසල ජීවන තපෝ වන මැද හැඟුම් ගජසෙන් යදම් බිඳ ‍වැද තලා සිඳ කම්පනය කරවයි ළපලු තුරුවැල් කැකුළු මල් පෙති මා හඬවයි බිඳුනු තුසිතය සුළං නැලවූ සුයාමය කුමරියක පා සළඹ සැලුනා...

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.