Skip to content

Lyrics

සිංහල
නිදුකාණනේ යලි වඩිනු මැනේ මේ ලෝකේ ගැන යලි සිතා සිත් පුරා අඳුරෙන් වෙලා ඉන්නා මේ අපි ගැන සිතා... මියැදිලා ගුණ දම් එදා බුදු බණම අමතක වෙලා අනුකම්පා වෙලා අපි ගැන යලි සිතා වඩිනූ මැනවි නිදුකාණනේ අපි අසරණ වෙලා කරුණා ගුණය මා මුදවා ගන්න යලි එනු මැනේ සරණක් දෙන්න බුදු හිමියනේ..... බුදු බණ නිසා සැනසුණා දෙව් බඹුන් පවා මුළු මිහිතලය කම්පා වුණා මෝහෙන් මුලා වී මෙදා සංසාරයේ තණ්හාවෙන්ම මුසපත් වෙලා ඉස්සර වගේ නොවේ බුදු බණ ඇහූ අපේ සිතුවිල්ලක්ම යටපත් වෙලා.... අනුකම්පා වෙලා අපි ගැන යලි සිතා වඩිනූ මැනවි නිදුකාණනේ අපි අසරණ වෙලා කරුණා ගුණය මා මුදවා ගන්න යලි එනු මැනේ සරණක් දෙන්න බුදු හිමියනේ..... මේ කාලයේ වැඩ ඉඳන් කරුණා තෙමා භව දුක් ගැනම දෙසනු මැනේ පෙර නම් නොවේ දැන් තමා ධර්මයෙන් ඔබේ මේ අප හටම දෙසනූ මැනේ මේ ගැන යලි සිතා දෙනු මැන දම් අමා ඔබගේ පිහිට නිදුකාණනේ.... නිදුකාණනේ යලි වඩිනු මැනේ....

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.